මුකුණුවැන්න
🌱 පවතින වර්ග
පදුරු වර්ග
වැල් වර්ග
වැල් වර්ග: මෙම වර්ගය වාණිජමය වශයෙන් වගා කෙරේ
ඕවලාකාර හැඩැති කොළ සහ ලා කොළ පැහැති කඳින් යුතු වර්ගය
වෙළඳපොලේ වඩාත් ජනප්‍රිය වර්ගය (පිලියන්දල වර්ගය)
ඕවලාකාර හැඩැති කොළ, දුඹුරු සහ කොළ වර්ණ මිශ්‍ර කඳින් යුත් වර්ගය
පුරුක් ඉතා කෙටි වන අතර වැඩි වශයෙන් වගා කරන්නේ පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශවල ය
දිගු ඕවලාකාර හැඩැති කොළ සහ දුඹුරු පැහැති කඳින් යුත් වර්ගය
විශාල, දිගු කොළ සහිත වර්ගය
පුරුක් දුඹුරු හෝ කොළ පැහැති කඳකින් දිගු වේ
Type with lanceolate leaves and green or brown coloured stem
(Weda Mukunuwenna) - දිගු, පටු කොළ සහිත වර්ගය, පුරුක් දිගු වේ
🌤️ දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
පහතරට තෙත් කලාපය වගාවට වඩාත් සුදුසු ය. වාරිමාර්ග පහසුකම් තිබේ නම් මෙම බෝගය රටේ වෙනත් ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකිය.
🌾 පස
හොඳින් ජලය බැස යන පහත් බිම් වගාවට වඩාත් සුදුසු ය. වාරිමාර්ග පහසුකම් තිබේ නම්, බෝග උස්බිම්වල වගා කළ හැකිය. සුදුසු pH අගය 6-7 කි.
🌿 ප්‍රචාරණය
කඳේ දඩු කැබලි ප්‍රචාරණය සඳහා යොදා ගනී. සෙන්ටිමීටර 10-12 හෝ ඊට වැඩි දඩු කැබලි සිටුවීමට හෝ විකාශනය කිරීමට හැකිය.
🏗️ බිම් සැකසීම
පහත් බිම් සඳහා උස් පාත්ති (කුඹුරු) සහ උස්බිම් සඳහා ගිලුණු / පහත වූ පාත්ති වඩාත් සුදුසු ය.
පාංශු සීසාන අතර වල් පැලෑටි දිරාපත් වීමට ඉඩ සලසයි. පසුව කෙත්වතු වතුරෙන් පුරවා සමතලා කරයි. ජලාපවහනය පහසු කිරීම සඳහා කාණු සකස් කලයුතුය.
🌱 පැළ සිටුවීම
දඩු කැබලි නිශ්චිත පරතරයකින් හෝ අහඹු ලෙස සිටුවනු ලැබේ. එක් එක දඩු කැබලි තනිව සිටවනු ලැබේ.
පරතරය
දඩු කැබලි අහඹු ලෙස හෝ නිර්දේශිත පරතරයකින් යුක්තව සිටුවිය හැකිය. අන්තර් පේළි පරතරය සෙන්ටිමීටර 20 ක් වන අතර අභ්‍යන්තර පේළි පරතරය සෙන්ටිමීටර 10 කි.
🌱 පොහොර
කාබනික පොහොර හා රසායනික පොහොර යොදනු ලැබේ. කුකුළු පොහොර වාණිජ වගාවන්හි බහුලව භාවිතා වන කාබනික පොහොර වේ. කුකුළු පොහොර භාවිතයෙන් නෙමටෝඩා ගැටළුව අවම කර ගත හැකිය.
1000m² (1/4 අක්කර) ප්‍රදේශයක් සඳහා පොහොර
කාබනික පොහොර: ටොන් 01
රසායනික පොහොර
| යෙදිය යුතු අවස්ථාව | යුරියා (කි.ග්‍රෑම්) | ත්‍රිත්ව සුපර් පොස්පේට් (කි.ග්‍රෑම්) | මියුරියේට් ඔෆ් පොටෑෂ් (කි.ග්‍රෑම්) |
|---|---|---|---|
| මුලික පොහොර – සිටුවීමට දින 1-2 කට පෙර | 9.0 | 13.5 | 10.0 |
| මතුපිට පොහොර – පළමු අස්වනු නෙළීමෙන් පසු | 9.0 | – | – |
| මතුපිට පොහොර – දෙවන අස්වනු නෙළීමෙන් පසු හා ඉන්පසු අස්වනු නෙළනා සාම අවස්ථාවකම | 5.5 | – | 1.5 |
| මතුපිට පොහොර – සෑම මාස 06 කට වරක්ම | – | 6.5 | – |
💧 ජල සම්පාදනය
පාත්තියෙහි ඉහළ ස්ථරයේ තෙතමනය පවත්වා ගැනීම සඳහා වාරිමාර්ග නිතර සිදු කෙරේ. ජල රැදීම වළක්වා ගත යුතුය.
🌿 වල් පැළෑටි පාලනය
ඉඩම් සකස් කිරීමේදී වල් පැලෑටි හැකිතාක් පාලනය කළ යුතුය. ක්ෂේත්‍රය පුරාම අතින් වල් නෙලීම සිදු කළ යුතුය.
🦠 රෝග කළමනාකරණය
1. දුඹුරු පුල්ලි රෝගය - Brown leaf spot
රෝග කාරකය: මෙය සර්කස්පෝරා දිලීර විශේෂය (Cercospora sp.) නිසා ඇති වේ.
රෝගය පැතිරීම: මෙම දිලීරය අසාදිත ශාක කොටස් සහිත පස් හා සුළඟ මගින් පැතිරේ.
රෝග ලක්ෂණ: රතු හෝ දම් පැහැයට හුරු දුඹුරු පුල්ලි ඇති වී පත්‍රය පුරාම පැතිරේ. පසුව පත්‍රය කහ පැහැ වී මිය යයි.
2. සුදු මලකඩ රෝගය - White rust disease
රෝග කාරකය: මෙය ඇල්බියුගෝ දිලීර විශේෂය (Albugo sp) නිසා ඇති වේ.
රෝගය පැතිරීම: මෙය අසාදිත ශාක කොටස් සහිත පස් හා සුළඟ මගින් පැතිරේ.
රෝග ලක්ෂණ: පත්‍ර යටි පැත්තේ සුදු පාට පුල්ලි හට ගනී. පත්‍ර යටි පස පුල්ලි වල සුදු පාට පිටි වැනි දිලීර බීජාණු ඇති වේ. කදේ පාදස්ථ කොටස සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත් වේ.
කොළ පුල්ලි රෝග පාලනය
- රෝගි තත්වය තීව්‍ර ලෙස පැතිරී යයි නම් ඉක්මනින් අස්වනු කපා රෝගී ශාක කොටස් ගලවා ඉවත් කර පුළුස්සා දැමීම
- වගාව සදහා නිසි ආකාරව පෝෂණය ලබා දීම
- අනවශ්‍ය ලෙස නයිට්‍රජනීය පොහොර යෙදීමෙන් වැළකීම
- බෝග මාරුව අනුගමනය කිරීම
- නැවත වගාවකදී නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය
ගෙවතු සහ කාබනික ගොවිතැනේදි
Trichoderma asperellum (ට්‍රයිකොඩර්මා ඇස්පරලියුම්) කොළ පුල්ලි රෝග පාලනය සදහා ද්‍රව ආමුකූලනය භාවිතා කල හැක.
රෝපණ ද්‍රව්‍ය ප්‍රතිකාර කිරීම සහ සිටුවීම
Trichoderma asperellum ද්‍රව ආමුකූලනය (මි.ලි.100 ක් ජලය ලීටර 10ක) මිනිත්තු 10ක් ගිල්වා තබා සිටුවීම.
සිටුවීමෙන් පසු සෑම සතියකට වරක් Trichoderma asperellum ද්‍රාවනය පැල හා පස හොදින් තෙමෙන ලෙස ඉසින්න. (පෙර අස්වනු කාලය දින 7)
🌾 අස්වනු නෙළීම
සිටුවීමෙන් පසු සති හතරකට පළමු අස්වැන්න ලබා ගත හැකිය. පළමු අස්වැන්නෙන් පසු සෑම සති 3-4 කට වරක් අස්වනු නෙලීම කළ හැකිය.
අස්වැන්න
අස්වැන්න කිලෝග්‍රෑම් 1000-1200 ක් වර්ග මීටර් 1000 ක ක්ෂේත්‍රයෙන් ලබා ගත හැකිය.
කෙත නිසි ලෙස නඩත්තු කිරීමෙන් වසර දෙකකට අස්වැන්න නෙළා ගත හැකිය. (වසරක් තුළ නෙලීම් වාර 8-10)
අවුරුදු 2 ක් පමණ වන විට අස්වැන්න අඩු වන අතර බෝග ඉවත් කළ යුතුය. එකම බෝගය නැවත කෙතේ සිටුවීමෙන් තොරව විවිධ බෝග වගා කළ යුතුය.